15/10/2026
දවස අවසානයට පෙර ,
අද මට යන්න බැ අම්මා මොන්ටිසෝරි .
ඇයි පුතේ යන්න ගිහිං සෙල්ලම් කරලා යාළුවො එක්ක ඉදලා එන්න .බැ බැ අද යුනිෆෝම් මම යන්නෙම නැ.අද තමයි එයා එහෙම මම නතර කර ගත්ත පලවෙනි දවස.මොකද මහ වැස්ස එන බව උදේම මට දැනුනා.අද ටිකක් සැරට වැස්ස නිසා ඔන්න ඔහේ ඉදපුවාවෙ කියලා මගෙ හිතත් කිව්වෙ ටිකක් විතර මගෙ ඔළුවත් රිදෙන නිසා.හැබැයි පුතේ අම්මට කරදර නම් කරන්න එපා අම්මා අසනීප වෙයි කිව්වම මට බක පණ්ඩිතකම් පෙන්නලා හිටියා.දවසෙම ඉවසන් කනපිට ගහන ගෙදර දිහා බලාගෙන දැක්කෙ නැ වගේ හිටියෙ මට තරහ ගියොත් අද කොල්ලට හොද කෑමක් සෙට් වෙන නිසා සහ ඇත්තටම මගෙ ලේ ධාතුව කෝප වෙන නිසා.
වැස්ස නිසා පරිසරය සෞම්‍ය වුනත් මගෙ හදවත නම් ගිනි අරං.ඇයි දෙයියනේ ගෙදරම විනාසයි.මම හරි අකමැති කෙනෙක් ගෙදර විනාස කරනවට.ඒත් මගෙ හිතට පිළිගන්නම වෙනවා පුංචි ළමයි දගයි.එහෙ මෙහෙ බඩු මුට්ට විසි කරනවා කියන එක.මම ඒක ඇස් දෙක පියාගෙන ඔළුවට දාගත්තෙ මෙහෙමයි."කමක් නැ ඔයාලා ඉක්මනින් ලොකු වෙයි.එතකොට හැමදේම මම තියන තැන තියෙයි'.එක වෙලාවකට හරිම ඝෝෂාව .කට නතර කරවන්නෙ නැති කියවිල්ල.මහ හයියෙන් කෑ ගහන එක."දවසක මෙි සද්ද ඉබෙිම නතර වෙිවි.ඔයාලා ලොකු වෙයි.සමහරවිට අම්මා තාත්තා තනිවෙයි".ඉතිං ඒ ළමා කාලය කියලා හිතන්න මට බොහෝ වෙලා ගියේ නැ.
අපි පණ යනකම් දරුවන් වෙනුවෙන් කියලා හිටියට දවසක ඔවුන් අපි පසුකරගෙන යාවි.එය එසේ විය යුතුයි.ඉගිලෙන්නට නිදහස තිබිය යුතුයි .අත් තටු සවි විය යුතුයි .දිනෙක ඔවුන් ද දෙමාපියන් වෙන දවසට ලස්සන අතීතෙට යන්න පුළුවන් විය යුතුයි .
අවසානෙදි මම මටම කියාගත්තා
පුංචි පැටවුන්ට වනසන්න නැවත පිළිවෙලට හදන්න කියාදෙන්න දවසක එයාලා හරි දේ තෝරලා බෙිරලා ජීවිතේ පිළිවෙලට හදාගනී කියලා .ලෝභ කම පිරුණු සතුටක් දැනුනෙ අවසානෙට ඩබලම නිදියගත්තම.හුදෙකලාවට ලෝභ වුනත් සැපට නිදියන ඔවුන් දෙස බලා සතුටක් සැනසුම ලැබුවෙි මා ඔවුන් ගේ ආදරණීය අම්මා නිසාවෙනි.
දිල් ...
(මතක පොතට ආදරෙන් )